Monday, December 1, 2014

Internet එකෙන් කොච්චර බෑවද check කරන්න පට්ටම Software එකක් මෙන්න.

Internet එකෙන් කොච්චර බෑවද check කරන්න පට්ටම Software එකක් මෙන්න.







මේ සොෆ්ට්වෙයා එක ගැන කියලා වැඩක් නෑ.ඉන්ටර්නෙට් එනවා නම් මේක දා ගන්නම ඕනේ.මේකෙ නම තමයි DU Meter.

සමහරු දන්නවත් ඇති ඒත් නොදන්න ගොඩ දෙනෙක් සිටින බැවින් මේක දෙන්න අද අදහස් කලා.

මේක SLT යුසර්ස්ලාට වගේම ඩොන්ගල් යූස් කරන අයට අතිශයින්ම වැදගත් සොෆ්ට්වෙයා එකක්.


මෙන්න ඩවුන්ලෝඩ් කරගන්න.
Extract pssword එක : webmycomputer.blogspot.com

උදාහරණ ටිකක් කියන්නම්.

01.ඔයාගේ ඉන්ටර්නෙට් එක හරියට කනෙක්ට් වෙලාද කියලා මෙකෙන් පටස් ගාලා බල ගන්න පුලුවන්.

02.ඒ වගේම කොම්පියුටර් එකෙන් මොන යම් හෝ දෙයක් ඩවුන්ලෝඩ් කරනවාද අපිට හොරෙන් කියලා බලා ගන්නත් පුලුවන්. ඒ කියන්නේ ඔටෝ අප්ඩේට් එහෙම වෙනවා නේ සමහර සොෆ්ට්වෙයා.ඒතකොට ඉතින් නිකන්ම අපේ ඩේටා ටික නැතිවෙලා යනවා අපි දන්නත් නෑ. ඒත් දැන් ඉතින් ඒක බලා ගන්න අපිට පුලුවන්.

03.කෙලින්ම කියනවා නම් සජීවීව අපි ඩවුන්ලෝඩ් කරන අප්ලෝඩ් කරන ඩේටා ප්‍රමාණට නියමෙට පෙන්නනවා.

04. SLT එක පාවිච්චි කරන අයට තමන්ට හම්බෙන ගිගාබයිට් 25 දවසින් දවස කොච්චර ඉවර වෙනවද කියලා බලා ගන්න පුලුවන්.

මේ වගේ අපිට ගොඩාක්වැඩ කරලා දෙන සුපිරි සොෆ්ට්වෙයා එකක් තමයි මේක.අපිට ඕනෙනම් මේක taskbar එකට ඇඩ් කරගන්නත් පුලුවන් එතකොට තමයි සුපිරිම.






Internet යනකොට Bandwidth එක Check කරන්න පුලුවන් පොඩි Gadget එකක්, මෙකෙන් Bandwidth එක Monitor කරන්න වගේම Internet Use කරන Software , ඒ වගේම ඔයා නියම කරන Limit එකකදි Warnings එන්න වගේම Internet Block කරන්නත් පුලුවන්.. මේක පහල තියෙන ලින්ක් එකෙන් නොමිලේම Download කරගෙන , නිවැරදිව Crack කරගන්න. මතක තියාගන්න, මේක Update කරන්න එපා..











1. Bandwidth Monitors තමන්ට කැමති විදියකට සකස් කර ගැනීම

මේ Software එකේ Bandwidth එක Monitor කරන්න ලේසි විදියට DU Meter එක සකස් කරගැනීම සදහා ක්‍රම 3 දීලා තියෙනවා.

  • මෙක තමයි සාමානයයෙන් DU Meter Task Bar Icon එක Click කරහම ලැබෙන්නෙ



  • DU Meter Mini Mode, මේක පහත තියෙන විදියට තමයි එන්නෙ.. මේකේ විශේෂතවය තමයි තමන්ට ඕන තැනකින් මේක තියාගන්න පුලුවන් වීම. මේ Mode එක Active කරගන්න, DU Meter Taskbar Icon එක උඩ Right Click කරලා, mini mode, Select කරන්න .



--------


  • අවසාන ක්‍රමය තමයි Task Bar Band එක.. ඒකත් කලින් ක්‍රමයටම දාගන්න පුලුවන්..



2. Short Period & Long Period Alerts මගින් තමන්ට එක වරකට භාවිතා කල හැකි දත්ත ප්‍රමානය තීරනය කිරීම
හුගක් අයට තියෙන ගැටලුවක් තමා තමන්ට තියෙන Data ප්‍රමානය ඉක්මවා පාවිච්චි කිරීම. සමහර අන්තර්ජාල සේවා සපයන්නන් , අදාල සීමාව ඉක්මවා ගිය පසු , Internet Speed එක ක්‍රමයෙන් පහත දමන අතර සමහර සේවා සපයන්නන් අමතර මුදලක් අයකරනවා. මේක හුගක් අයට පාලනය කරගන්න පුලුවන් , ඒත් මේක පාලනය කරන්න කවුරුවත් නැති නිසා එයාලට වේගය අඩුකිරීම් / අමතර Data සදහා මුදලක් වියදම් කිරීමට සිදුවෙනවා. තමන්ට අවශයය විදියට , භාවිතා කරන Data ප්‍රමානය සීමා කිරීමට Du Meter වෙතින් Short Period And Long Period ලෙස ක්‍රම 2ක් හදුන්වා දී තිබෙනවා.




i. පලවන ක්‍රමය - Short Period - මුලින්ම Du Meter TaskBar Icon එක උඩ Right Click කරලා Administrator Options වෙත යන්න.. එතනින් Short Period Alert තෝරන්න..




කෙටි කාලිනව සිදුකෙරෙන Uploads සහ Downloads පිලිබදව විමසිලිමත් වෙමින්, ඔබ ලබාදුන් කාලයට , ඔබ දුන් ඩේටා ප්‍රමානය ඉක්මවා ගියහොත් Internet Block කිරීම සහ තවත් පහසුකම් රාශියක් ලබාදෙයි.. මම හිතනවා මේකෙ විස්තර කරන්න දෙයක් නෑ කියල, ප්‍රශ්නයක් ආවොත් පහලින් Comment කරන්න..

ii. දෙවන ක්‍රමය - Long Period - කලින් විදියටම , ගිහින් Long Period tab එක Open කරගන්න. මෙකෙ තියෙන විශෙශත්වය තමයි , මේක හදලා තියෙන්නෙ දිගු කාලයක් තිස්සේ කරන ලද Downloads Record කරල තියාගෙන , අප ලබා දුන් සීමාව ඉක්මවා ගිය විට පියවර ගැනීමයි..



3. Internet භාවිතා කරන Applications මොනවාදැයි බැලීම
මෙකෙන් පුලුවන් මේ මොහොතෙදී Internet Use කරන සියලුම Applications. මෙක බලන්න DU Meter Task bar Icon එක උඩ Right Click කරලා View Network Connections , Select කරන්න..
ඔන්න පැච් එකත් එක්කම මීඩියාෆයර් අප්ලෝඩ් කරා අලුත්ම වර්ශන් එක ඔයාලත් දාගෙනම බලන්න.

මැරෙන්න කලින් මන්ත්‍ර ශාස්ත්‍රය කියා දෙන්න හිතුනා

අපේ ආතා හොඳ සර්ප විෂ වෛද්‍යවරයෙක්.යන්ත්‍ර මන්ත්‍ර ශාස්ත්‍රය එහෙමත් හොඳට දන්නවා.දැනට ජීවතුන් අතර නෑ. මැරෙන්න කලින් මම ලියා ගත්ත මන්ත්‍ර අතරින් කාටත් ප්‍රයෝජනවත් විය හැකි කීපයක් ඕගොල්ලන්ට කියා දෙන්න හිතුනා. මේවයින් කීපයක සත්‍යතාවය මම බලල තියෙනවා.




මස් මාංශ අනුභවයෙන් තොරව නාල පිරිසිදු වෙලා පන්සිල් අරගෙන ගෞරවයෙන් මේ කටයුතු කළ යුතුයි.

21 වරක් ගැනීමට කෝපි ඇට 21ක් ගෙන එක් වරක් මැතිරූ පසු එක් ඇටයක් පසෙකට කරන්න.(ගණන් කිරිමේ පහසුව පිණිස ). ඉරටුවක් දෙකට නමා දෙහි හෝ තැඹිලි ගෙඩිය කලතන්නේ නම් මැනවි.

~සියලු බඩේ අමාරු/ අජීර්ණ වලට~

දෙහි ඇඹුල් පීරිසියකට ගෙන මෙයින් 21 වරක් මතුරා බොන්න දෙන්න.
------------------------------------------------------------
"ඕං නමෝ අප සම්මා සම්බුදු අමා මෑණියන් වහන්සේට රක්ත අතීසාර රෝගයක් අල්ලච්චෙයි කියා ජීවක නම් වෙදා ගෙන්වූ තැනේදී ඔහු සතු බෙහෙත් නේරංජරා නම් ගංගාවට දැමූ කල්හි එඟග උඩුගං හැරුණු ආනුභාවයෙන් ආඥාවෙන් අදත් මෙකුන්ගේ බඩේ හට ගන්නා බඩේ රුදා,ගුල්ම රුදා,අමියා,අජීර්ණ,ඔක්කාර,වමන,අතීසාර සැණෙන් ගුණ වන්න සිද්ධ පත්තිනි අණින්,වෙසමුණි අණින් වරම්!

එදා අප අමාමෑණියන් වහන්සේට ප්‍රතිකාර කිරීමට පතාගෙන ආ ඒ ජීවක නම් වෙදැදුරු තුමා සෑදු බෙහෙත් නේරංජරා නම් ගංගාවට දැමූ කල්හි එගඟ දියවර උඩුගං හැරුණු බව සත්‍යවාදි සෑබෑ නම් අදත් මෙකුන්ගේ බඩේ හට ගන්නා ඒ සියළුම රෝග මෙයින්ම සුවපත් වෙත්වා!"
------------------------------------------------------------

~සත්‍ය අංගුලිමාල පිරිත~

ගර්භණී මව්වරුන්ට විලිරුදා අඩු කිරීමට හා සුවසේ බිහි කිරීමට තැඹිලි ගෙඩියකට 108 වරක් මතුරා බොන්න දෙනු.

-අංගුලිමාල පිරිතේ අනුහස් දැක්වෙන ගාථා-

"පරිත්තං යං භණන්තස්ස නිසින්නට්ඨාන ධොවනං
උදකම්පි විනාසෙති සබ්බමෙව පරිස්සයං

සොත්ථිනා ගබ්භවුට්ඨානං යඤ්ච සාධෙති තංඛණෙ
ථෙරස්ස අංගුලිමාලස්ස ලොකනාථෙන භාසිතං
කප්පට්ඨායි මහා තෙජං පරිත්තං තං භණාමහෙ"



තේරුම (මැතිරීම අනවශ්‍යයි.)
යම් පිරිතක් බණන්නා වූ අඟුල්මල් තෙරහු විසින් හුන් සිටි තැන් දොහොනා ලද දියද පවා හැම උපද්‍රවම නසාද,යම් පිරිතක් තෙමේ සුවයෙන් දරුගැබ මව් කුසින් බිහිවීම තමා විසින් පිරවූ විටම සිද්ධ කෙරේද, අංගුලිමාල තෙරණුවන්ට බුදුන් වහන්සේ විසින් වදාරණ ලද කප්දීම් සිටනා වූ මහත් ආනුභාව ඇති ඒ පිරිත බෙණෙමු.

-අංගුලිමාල පිරිත-

"යතෝ හං භගිනි අරියාය ජාතියා ජාතෝ නාභිජානාමි සංචිච්ච පාණං ජීවිතා වෝරෝපේතා...තේන සච්චේන සොත්ථි තේ හෝතු සොත්ථි ගබ්භස්සාති"

------------------------------------------------------------

~අණවින,කොඩිවිණ,හූනියම් වලින් බේරී සිටීමට~


ආනන්ද හාමුදුරුවො රොඩී දැහැනට අහු වුනාම බුදු හාමුදුරුවො නැවත වශී වලට හසු නොවී සිටීමට මේක ආනන්ද හාමුදුරුවන්ට දේශනා කරල තියෙනවලු.

"අන්ඩරේ පාණ්ඩරේ කාර්නේඩ්
කේව්රේච්චි හස්තේශ්වර ග්‍රීවේ
බන්ධුමතී වීරමතී ධරවිඩ චිලිමලේ
විලෝඩය විසානි ලෝකේ විෂ චල චල
ගෝලමති ගණ්ඩවිලේ චිලිමලේ
සාතිනිමේන යථා සන්විභකේත
ගෝලමතී ගණ්ඩවිලා ‍යෛස්වාහඃ"

(
හඃ: උච්ඡාරණය කරන්නේ "අහ්" කියල)
සියලුම අණවින ,කොඩිවිණ, සතුරු කරදර,පීඩා වලට හසු නොවේ.බැතිමත්ව නිතර සිහි කිරීමෙන් ප්‍රතිඵල ලැබේ.

බුදුන් වහන්සේ විසින් අන්ද තෙරුන් රොඩී දැහැනෙන් මුදවාගත් ගාථාව. බන්ධන කපන්නේ මෙයිනි.

"ස්ථිව්තිඃ සුනීතිඃ ස්වස්ථිඃ
සර්ව ප්‍රාණ බියඃ සරඃ
ප්‍රසන්නං නිර්දොෂං ප්‍රසාන්තං සර්වතෝ භයං
ඊතෝ යත්‍ර සාම්‍යන්ති භයානි චලිතානිච
තද්වෛ දේවා නමස්යන්තී සර්ව සිද්ධාර්ථ යෝනිනඃ
ඒතේන සත්‍ය වාක්‍යෙන ස්වතන්ද්‍යාය භික්ඛවේ"

~බඩු සොරුන්ගෙන් ආරක්ෂා කර ගැනීමට~


මෙය බඩු වල ලියා තබනු.සොරා ගෙන නොයයි.

"යස්සානුස්ස රණෙනාපි අන්තලික්කේපි
පාතිනෝ පතිට්ඨම්පි ගච්ඡන්ති භූමියං
විය සබ්බතා සබ්බුපද්දව ජාලම්බා
යක්ඛචෝරාරි සම්භවා ගණ්නානංපි
මුත්තානං පරිත්තං තම්බනාමහෙ"


------------------------------------------------------------
~අලියාට මතුරන මන්තර~

"ඕං විසි විසි බුරණ්ඩු හඃ"

~වලසාට මතුරන මන්තර~

1."ඕං දහසක් බුදුන්ගේ කුණු රොඩෙන් උපන් නීලද නීලද පෝවඩා පොඃ" (
"පොඃ" කියවන්නේ "පොහ්" කියල )

2."අරුමුණි, කුරුමුණි, අගත්තු මා මුණි රූ...රූ..."

~කොටියාට මතුරන මන්තර~

"ඉරට ඉරපුල්ලෙ සඳට සඳ පුල්ලෙ බැද්දසාර පුල්ලෙ අත ඇරපන් කට ඇරපන් දිය පුල්ලෙ චෙඃ"

~කුලු මීමාට මතුරන මන්තර~

"අං දෙක ගොපලු දේවතාවට බාරයි.කන්දෙක බිහිරි දේවතාවට බාරයි.කුර සතර පට්ටිකාර දේවතාවාට බාරයි.අදත් මගේ මූණ බලාගෙන එන වල්මදයාගේ කටින් ලේ දමා,නාසයෙන් පෙණ දමා යන්ඩ සුභවාගර දෙවියන්ගෙන් වරම්"

ලොව පුරා ප්‍රසිද්ධ වුනු, ලොව වෙනස් ඇහැකින් බැලු පින්තූර

ගියපු තැන් ආපු තැන් උත්සව හැමදේකම අපි බොහෝ වේලාවට මතකයේ තියාගන්න ගන්න එකක් තමයි පින්තූර නැතිනම් Photos.
මේ දවස්වල නම් බොහෝ දෙනා පින්තූර ගන්නේ Facebook දාන්න.
නමුත් අද කියන්න යන්නේ ප්‍රසිද්ධ ඡායාරූප කිහිපයක් ගැන.
මේ පින්තූර නම් බොහෝ දෙනා අතරින්පතරවත් තැන් තැන්වල දැකලා ඇති.ඒත් ඒවා පිටුපස කතාව දන්නවා ඇත්තේ ටික දෙනයි.
වචනයකට වඩා දහසක් දේ කියවෙන ලොව පුරා ප්‍රසිද්ධ වුනු, ලොව වෙනස් ඇහැකින් බැලු පින්තූර ගැනයි මේ සටහන.

Tourist Guy (2001)



2001 සැප්තැම්බර් 11 ප්‍රහාරයට පෙර ගත් ජායාරූපයක් ලෙස අන්තර්ජාලය පුරා පැතිර ගිය මේ ජායාරූපය ඔබත් දැක ඇති. පින්තූරය ගන්නා ලද කැමරාව සොයා ගනු ලැබුවත් මෙහි ගුවන් යානය Photoshop මගින් නිමැවු ජායාරූපයක් බව අනාවරණය විය.

Burning Monk – The Self- Immolation (1963)



Thich Quang Duc නැමැති දකුණු වියට්නාම මේ බෞද්ධ භික්ෂුව එරට ආණ්ඩුවෙන් තම බෞද්ධ භික්ෂුන් සඳහා සිදුවන අකටයුතුකම්වලට විරෝධය පලකිරීම වෙනුවෙන් සායිගොන්( Saigon) හීදි 1963 ජුනි 11 වැනිදා සිරුරට ගිනිතබා ගත් අතර ගිනි ගැනීමේ තම ශරීරය කිසිදු ලෙසවත් සිටි ඉරිඅව්ව වෙනස් නොකල බවත් සඳහන් වේ. ජායාරූපය ගෙන තිබුනේ Malcolm Browne විසිනි.

The last Jew in Vinnitsa (1941)



Einsatzgruppen නැමැති සෙබලකුගේ පුද්ගලික ඇල්බමයකින් ගෙන තිබු මෙය යුක්රේනයේ Vinnitsa හීදි සමුහ මීනිවලක් අසලදී යුදෙව්වෙකුට වෙඩි තැබීමට සුදානම් වන අයුරු දිස්වේ.

Tiananmen Square [1989]



ලොව ඉතා ජනප්‍රිය ජායරූපයක් වන මෙය චීනයේ Tiananmen චතුරශ්‍රය හරහා යුධ ටැංකි රුසක් එද්දී ඒවා නැවැත්වීමට පාර මැද සිටගෙන සිටින පුද්ගලයකු දැක්වේ. ඔහු වෙනුවෙන් යුධ ටැංකි රියදුරා නැවැත්වීම සිදුකලත් ඉන් මොහොතට පසු Tiananmen චතුරශ්‍රය ලේ විලක් වී තිබේ.ජායාරූපය ගෙන තිබුනේ Stuart Franklin Magnum විසිනි.

Fire on Marlborough Street [1975]


1975 ජුලි 22 මෙම ජායාරූපය ගෙන තිබුනේ Boston Herald American පත්තරයේ ජායාරූප ශිල්පියා වු Stanley J. Forman විසිනි. ගිනි ගැනීමකට ලක්වු Marlborough විදියේ තට්ටු නිවාසයක සිට බිමට පනින Diana Bryant නම් තරුණ කත හා Tiare Jones නැමැති දැරිය ඔහුගේ කාචයේ සටහන් වී තිබුනා. අනතුරින් Diana Bryant නම් තරුණ කත හා මියගිය අතර දැරියගේ ජිවීතය බේරී තිබුනා.මේ ජායාරූපයටද Pulitzer ත්‍යාගය හිමිවී තිබුනා.

The Power of One [2007]


Pulitzer Breaking News Photography වෙනුවෙන් 2007 තෝරා ගත් මේ පින්තූරය AP (Associated Press) පුවත් සේවයේ Oded Balilty විසින් ගෙන තිබුනේ ගාසා හී වම් ඉවුරේ ඇති අනවසර නිවාස ඉවත් කිරීමට පැමිනෙණ ඊශ්‍රායල හමුදාවන් වැලැක්වීමට තනිව උත්සහ ගන්නා යුදෙව් ජාතික කාන්තාවකයි.

Reichstag flag [1945]


1945 මැයි මස බර්ලිනය ආක්‍රමණය කළ සෝවියට් රුසියානු හමුදාවේ Raqymzhan Qoshqarbaev හා Georgij Bulatov හමුදා සෙබලුන් දෙදෙනා තම ධජය බර්ලිනයේ Reichstag ගොඩනැගිල්ලේ සවිකිරීමට දරණ උත්සහය.ජයාරූපයට ගෙන තිබෙන්නේ Yevgeny Khaldei විසිනි.

Nagasaki [1945]


“හතු වලාව“ නමින් හදුන්වන මේ ජායාරූපය ඔබ දැකිලා ඇති අනිවාර්යයෙන්ම.1945 අගෝස්තු 09 වැනිදා දෙවන ලෝක යුද්ධය වෙනුවෙන් ඇමරිකානු ගුවන් හමුදාව ජපානයට එල්ල කළ දෙවන පරමාණු බෝම්බය පුපුරා යාමෙන් ඇතිවු දුම්රොද ජායාරූප ගත කර තිබුනේද ඇමරිකාවු ගුවන් හමුදාව විසිනි. ඉන් ජපන් පුරවැසියන් 150,000 වඩා මියගොස් තිබු අතර එහි අහිතකර පලවිපාක අදටත්
ඇති බව ප්‍රකාශ වේ.

The Kiss (1945)

දෙවන ලෝක යුද්ධය අවසාන කරමින් ජපානය 1945 අගෝස්තු මස 14 වැනිදා ජපානය තම යටත් වීම ප්‍රකාශ කල පසු සතුටට පත්වු නාවික භටයකු විසින් හෙදියක සිපගන්නා මෙම ජායාරූපය ඔබ අනිවාර්යයෙන්ම දැක ඇත. එය සටහන් ව තිබුනේ එම වේලාවේ ටයිම් චතුරශ්‍රයේ සිටි Alfred Eisenstaedt ගේ කැමරාවටයි.

Palestinian Martyr (2000)

තම මොහොමඩ් නම් වු පුතා ඊශ්‍රායල හමුදාවේ වෙඩි ප්‍රහාරයන්ගෙන් ආරක්ෂා කරගැනීමට උත්සහයක යෙදෙන පලස්තීන ජාතිකයකු වන Jamil ad-Durra නම් පියා උත්සහ කරන අයුරු දැක්වෙන ජායරූපය ලබා ගෙන ඇත්තේ එය විඩියෝ ගත කල විඩීයෝ පටයකිනි. ගාසා තීරයේ Netzarlm හි සිදුවන මේ වෙඩි ප්‍රහාරයට ගොදුරු වී පුතා මියයන අතර පියා දැඩි ලෙස තුවාල වී තිබෙනවා.ඔහුව ගලවා ගැනීමට කිසිවෙකු උත්සහ නොකලත් ඒ සඳහා උත්සහ කල එකම මිනිසා වු පලස්තීන ජාතික ගිලන්රථ සේවකයාද වෙඩි ප්‍රහාරයන් වලින් මිය ගොස් තිබුනා.

Sudan Famine UN food camp (1994)


එක්සත් ජාතීන්ගේ ආහාර කදවුරට කිලෝමීටරයකට ආසන්නයේ දී ඇවිදිමින් බඩගාමින් එන මන්දපෝෂණ දරුවකු පිටුපසින් කොයි මොහොතේ හෝ මේ දරුවා මැරුණු පසු ආහාරයට ගැනීමට සිතමින් පැමිනෙන ගිජුලිහිණියකු දැක්වෙන මේ ජයාරූපය ලොව වඩාත් දුකට පත් කල එකක්.1994 දි Pulitzer ත්‍යාගය හිමිකරගත් මෙම ජායරූපය ගත් Kevin Carter එම ජායාරූපය ගෙන එතනින් ඉවත්ව යාම නිසා දරුවාට සිදුවු දේ ගැන කිසිම සඳහනක් නැත. ජායාරූපය ප්‍රසිද්ධිය නිසාත් ඒ පිළිබඳ කලහැකිව තිබු දේ ගැන සිතමින් ඇතිවු මානසික කම්පනයට පත් Kevin Carter ඉන් මාස 3 පසු සියදිවි නසා ගෙන තිබෙනවා.

Afghan Girl (1984)


Sharbat Gula නම් වු මේ කොල පැහැති ඇස් සහිත එවකට වයස 12 ක් වු ගැහැණු දරුවා ඇයට නොදැනී කැමරාවට හසුකර ගෙන තිබුනේ ඇග්ෆනිස්ථාන ගලවා ගැනීමේ කඳවුරකදී National Geographic සඟරාවේ ජායාරූප ශීල්පී Steve McCurry විසිනි. ඇය ගැන හරිහැටි විස්තර සොයාගෙන තිබුනේ 1992 දීයී.ඇය තමන් සඟරාවක සිටි බව දැන ගෙන ඇත්තේ 2003 වසරේදීයි.

Source internet

පෘතුවියෙන් එපිට ජීවය පැවතිය හැකි ලෝක 10ක්

පුවර්ටෝ රිකෝ (Puerto Rico) විශ්ව විද්‍යාලයේ මහාචාර්යවරුන් සහ සිසුන් පිරිසක් එකතු වෙලා පසු ගිය කාලයේ පිටසක්වල ජීවය සම්බන්ධ පර්යේෂණ ව්‍යාපෘතියක් ආරම්භ කර තිබුනා.පසුගියදා එළිදැක්වුණු ඔවුන්ගේ පර්යේෂණ පත්‍රිකා අනුව පෘතුවියෙන් එපිට ජීවය පැවතිය හැකි ලෝක 10ක් ගැන ඔවුන් හෙළිකර සිටිනවා.මේ සඳහා ඔවුන් තරුව සහ ග්‍රහලෝකය අතර පවතින දුර,තරුවේ වයස (අදාළ ගග්‍රහ පද්ධතිය බිහිවී ජීවය ඇතිවීමට තරම් කාලයක් ගතවී තිබිය යුතුයි) ආදී කරුණු රැසක් සැලකිල්ලට ගෙන තිබෙනවා.මේ තියෙන්නේ ඔවුන් හෙලිකල ග්‍රහයින් 10 දෙනා ගැන විස්තර.

10. Kepler-186f




පෘතුවිය සමග ප්‍රමාණයෙන් තරමක් හෝ සමාන ග්‍රහයින් අතරින් සොයා ගත් පළමු ග්‍රහයා වන්නේ Kepler-186f.පෘතුවිය මෙන් දස ගුණයක් පමණ විශාල වන මෙය සාම්පූර්නයෙන්ම පාහේ පාෂාණමය ග්‍රහයෙක්.මෙය පිහිටන්නේ පෘතුවියේ සිට ආලෝක වර්ෂ 490ක් දුරින්.

09. Gliese 581g




තුලා රාශියට අයත් Gliese 581 නම් තාරකාව වටා භ්‍රමණය වන මෙම ග්‍රහයා සොයා ගනු ලැබුවේ 2010 වසරේ.නමුත් මේ දක්වා එහි පැවැත්ම ස්ථිර වශයෙන් සනාත කර තිබුනේ නැහැ.සෑම දින 30කටම වරක් මව් තාරකාව වටා භ්‍රමණය වන මෙය පෘතුවිය මෙන් 3ගුනයක් පමණ විශාලයි.මෙම ග්‍රහයා පිහිටන්නේ පෘතුවියේ සිට ආලෝක වර්ෂ 20ක් දුරින්.

08. Gliese 667Cc




තවත් පෘතුවියට සමාන ග්‍රහයෙක් වන මෙය ආලෝක වර්ෂ 22ක් එපිටින් වෘශ්චික තරු පන්තිය තුල පිහිටා තියෙනවා.පෘතුවිය මෙන් පස් ගුණයක් තරම් විශාල වන මෙය සෑම දින 28කටම වරක් මව් තාරකාව වටා වන තමන්ගේ ගමන සම්පූර්ණ කරනවා.GJ 667C නම වන මෙහි මව් තාරකාව ත්‍රිත්ව තාරකා මණ්ඩලයකට අයත් තරුවක්.

07. Kepler-22b




අපගේ හිරුට ප්‍රමාණයෙන් සහ උෂ්ණත්වයෙන් බෙහෙවින් සමාන වන තාරකාවකට අයත් වන මෙම ග්‍රහයා පෘතුවිය මෙන් 2.4 ගුණයක් විශාල වනවා.මෙම ග්‍රහයා මතුපිට පෘතුවියේ මෙන්ම හරිතාගාර ආවරණ සංසිද්ධිය ක්‍රියාත්මක වන බව විශ්වාස කරනු ලැබේ.මතු පිට උෂ්ණත්වය ෆැරන්හයිට් අංශක 72 පමණ වන මෙම ග්‍රහයා පෘතුවියේ සිට ආලෝක වර්ෂ 600ක දුරින් සිග්නස් (Cygnus) තරු පන්තිය තුල පිහිටනවා.

06. HD 40307g




පෘතුවියට ඉතා ආසන්නයෙන් පිහිටන මෙයට ඇති දුර වන්නේ ආලෝක වර්ෂ 42ක් පමණයි.මව් තාරකාවේ සිට ජීවය හට ගැනීමට සුදුසු දුරකින් පිහිටන මෙම ග්‍රහයා අනාගත අභ්‍යවකාශ දුරේක්ෂ මගින් පහසුවෙන්ම නිරීක්ෂණය කල හැකි වන ඇති.

05. HD 85512b




වර්ෂ 2011 දී HARPS (High Accuracy Radial velocity Planet Searcher instrument) ව්‍යාපෘතිය මගින් සොයා ගැනුණු මෙම ග්‍රහලෝකය පෘතුවියේ සිට ආලෝක වර්ෂ 35ක දුරින් පිහිටා තිබෙනවා.පෘතුවිය මෙන් 3.6 ගුණයක් විශාල වන මෙම ග්‍රහයා මතුපිට ජලය පවතී දැයි සොයා බැලීමට මේ වනවිට පරීක්ෂණ කෙරෙමින් පවතී.

04. Tau Ceti e




මඝයම ප්‍රමාණයේ උණුසුම් ග්‍රහයෙකු වන Tau Ceti e පෘතුවිය මෙන් 4.3 ගුණයක් විශාල වන අතර ආලෝක වර්ෂ 12ක් දුරින් පිහිටා තිබෙනවා.මෙහි පවතින උණුසුම නිසාම සංකීර්ණ ජීවයක හට ගැනීමට පවතින්නේ අවම ඉඩක්.ඇතැම් විට මෙය සිකුරු ග්‍රහයා මෙන් ජීවයෙන් තොර වීමටද ඉඩ ඇති අතර එය රඳා පවතිනුයේ ග්‍රහයාගේ වායුගෝලීය සංයුතිය මත වේ.

03. Gliese 163c




ජීවය පවතින්නට සුදුසු දුර සීමාවෙන් මදක් ඔබ්බට වන්නට පිහිටන මෙම ග්‍රහයා මත ඇතැම් විට ජීවය හට ගැනීමට ඉඩ ඇති බව විශ්වාස කෙරේ.පෘතුවිය මෙන් හත් ගුණයක් විශාල වන මෙය ආලෝක වර්ෂ 50ක දුරින් පිහිටා ඇත.පාෂාණමය හෝ වායුමය ග්‍රහයෙකු විය හැකි මෙය අයත් වන්නේ ඩොරාඩෝ (Dorado) තාරකා පද්ධතියට වේ.

02. Gliese 581d




කාබන් ඩයොක්සයිඩ් සහිත ඝන වායුගොලයකට හිමිකම් කියන මෙම ග්‍රහයා පිහිටන්නේ ආලෝක වර්ෂ 20ක දුරින්.රතු වාමන තාරකාවක් මෙහි මව් තාරකාව වන අතර ඇතැම් විට ඉපැරණි පිටසක්වල ශිෂ්ටාචාරයන් මෙහි පැවතිය හැකි බව විශ්වාස කෙරේ.

01. Tau Ceti f




මව්තාරකාවේ සිට ජීවය පැවතිය හැකි සීමාවේ අවසාන ඉමේ පිහිටන මෙම ග්‍රහයාට උෂ්ණත්වය රඳවා ගැනීමට සුදුසු වායුගෝලයක් පවතී නම් ජීවය හට ගැනීමේ ඉඩකඩක් ඇති බව විද්වත් මතයයි.පෘතුවිය මෙන් 6.6 ගුණයක් විශාල වන මෙය ආලෝක වර්ෂ 12ක දුරින් පිහිටා ඇත.

AC හීතල සමඟ එන ලෙඩ

AC හීතල සමඟ එන ලෙඩ


හරි රස්නෙයි” “නෑ සීතලයි” “රස්නෙයි....” “අපට සීතලයි...” "මොනවා සීතලයි? “ඔව් අපිට සීතලා.......යි”

බොහෝදෙනෙක් එතරම් නොතැකුවත් මෙවන් සීත, උණුසුම් ගැටුම් හැමතැනම. මේ කුමනාකාරයේ ගැටුමක් කියාද ඔබ සිතන්නේ?



එක් එක් කෙනාට වෙන්වූ උණුසුමක් ශ්‍රී ලංකාව උණුසුමින් වැඩි රටක් නිසා අපගේ කායික වෙහෙසට එය හේතුවකි. එමෙන්ම පුද්ගලයකු යම්කිසි කාර්යයක නිරත වීමේදී සිරුරින් යම්කිසි ශක්තියක් වැය වෙයි. ඒ හේතුවෙන්ද පුද්ගලයකුගේ සිරුරට වෙහෙසක් දැනෙයි.



මෙවන් හේතු නිසා එක් එක් පුද්ගලයාට වෙන් වෙන් වූ එමෙන්ම තමන්ට වඩා සුව පහසුවක් දැනෙන උෂ්ණත්වයක් තිබේ.

සාමාන්‍යයෙන් පුද්ගලයෙකුට වැඩ කිරීමට පහසු පරිසර උෂ්ණත්වයක් ලෙස ලෙස සලකනුයේ සෙන්ට්ග්‍රේඩ් අංශක 26, 27 වැනි මට්ටමක තිබෙන උණුසුමකි.

ඒ නිසා තද සීතල හෝ දැඩි රස්නයකින් තොරව වැඩකළ හැකි වටපිටාවක සිටීම මිනිස් සිරුරට හිතකර සේම ඔහු වඩා කාර්යයක්ෂම පුද්ගලයකු බවට පත් කිරීමටද එය හේතුවකි.



ආසාදනවලට වැඩි ඉඩක්

වායුසමනය කරන ලද කුටියකින් වාතය ඉවතට ගමන් කිරීමක් සිදු නොවන නිසා බෝවන රෝගයකින් පෙළෙන පුද්ගලයකු වේ නම් එහි පැතිරීම වේගවත් විය හැකියි.



වායුසමනය කරන ලද කාමරවල සිටින බොහෝදෙනෙකුට හෙම්බිරිස්සාව, පීනස වැනි අසාත්මික ප්‍රතික්‍රියාවන් ඇතිවිය හැකියි. එමෙන්ම උගුරේ තිබෙන නොයෙක් බැක්ටීරියා තද සීතල පරිසරයකදී වර්ධනය විමක් වන නිසා පුද්ගලයින් විවිධ ආසාදනවලට ගොදුරු විය හැකියි.



විශේෂයෙන්ම ස්වසන පද්ධතියේ ආසාදන වැඩි වීමට මෙය හේතුවක් වශයෙන් හඳුනාගෙන තිබේ. එයට හේතුව මෙයයි. වායුසමන යන්ත්‍රවල සවිකර තිබෙන ඛ්ධධතඪදඨ ඛ්ධඪතඵ හෝ එවැනි වෙනත් කොටස් ආශි‍්‍රතව විවිධ ක්ෂුද්‍ර ජීවින් හා වෙනත් පුස් වර්ගවල වර්ධනයක් සිදුවේ.



ඒවා කාමරය තුළ සංසරණය වී අපගේ හුස්ම සමඟ පහසුවෙන් සිරුරට ඇතුළු වෙයි. එමඟින් පුද්ගලයකු ඉතාම පහසුවෙන් ස්වසන පද්ධතිය ආශි‍්‍රත ආසාදනවලට ගොදුරු විය හැකිය. මෙවැනි තත්ත්වයකදී ඇදුම හෝ වෙනත් දීර්ඝකාලීන ස්වසන ආබාධ උග්‍ර වීමෙන් බරපතල තත්ත්ව දක්වා වර්ධනය වීමේ හැකියාවක් සහිතය.



අහිතකර තත්ත්ව

දැඩි උණුසුමකදී මෙන්ම දැඩි සීතලකදීත් සිරුරේ ජලය පිටතට වාෂ්ප වීමක් සිදුවේ. මේ හේතුවෙන් උපරිමයෙන් වායුසමනය කරන ලද කාමරයක සිටීමේදී සම වියළීමට ලක්වන අතර ඒ හේතුවෙන් සමේ ඇදෙන සුළුභාවය (Elasticity) අඩුවේ.



සුලබ රෝග ලක්ෂණ



කෙටි හුස්ම ගැනීම, කැස්ස, නාසයෙන් සොටු දියර ගැලීම ආදිය මෙවැනි තත්ත්වයකදී සුලබව දැකිය හැකි වේ.

මෙහි සුවිශේෂත්වය නම් නිරෝගී පුද්ගලයකු පවා ඉතාමත් පහසුවෙන් මෙවැනි ආසාදනවලට ගොදුරු වීමේ හැකියාවක් තිබීමයි. වායුසමනය කරන ලද කාමරයක තිබෙන මල් පරාග, පුස්, සතුන්ගේ ලොම් ආදියද කාමරය තුළම සංසරණය වන අතර මේ සමහර දේ ඇසට නොපෙනෙන සුළුය.



මෙය ස්වසන පද්ධතියේ මෙන්ම හෘද වස්තුවේ ගැටලු ඇති පුද්ගලයින්ට අහිතකර ලෙස බලපෑ හැකිය. විශේෂයෙන් බැක්ටීරියාවක් මඟින් පැතිරෙන Legionnaires disease රෝගය ඉතා ඉක්මනින් මෙවැනි පරිසරයක් තුළ පැතිරී යා හැකිය.



එමෙන්ම මෙවන් විසබීජ සංසරණය වීම හේතුවෙන් ශ්ලේෂ්මල පටලවල ආසාදන ඇතිවිය හැකිය.

මෙවන් වායුසමනය කරන ලද කුටි පිරිසිදු වාතාශ්‍රයෙන් දුප්පත්ය. එබැවින් බිම අතුරා තිබෙන කාපට්වල තිබෙන හෝ වෙනත් ඇසට නොපෙනෙන, දහස් ගණන් විසබීජ හේතුවෙන් “සික් බිල්ඩිං සින්ඩ්‍රෝම්” ලෙස හඳුන්වන තත්ත්වයෙන් එනම්, රැකියා ස්ථානවලදී පුද්ගලයින් විවිධ ආසාදනවලට ගොදුරු වීමේ හැකියාව ඉහළය.



විශේෂඥ වෛද්‍ය
චම්පිකා අමරසිංහ


අධ්‍යක්ෂ ජනරාල්
ජාතික වෘත්තිය සුරක්ෂිතතා හා සෞඛ්‍ය ආයතන

ඔබට ඉක්‌මනින් කේන්ති යනවාද?

ඔබට ඉක්‌මනින් කේන්ති යනවාද?



ඔබට ඉක්‌මනින් කේන්ති යනවාද? එසේ නම් මෙම හේතු ඔබට තිබෙන්නට හැක

ඔබ නිස්‌කලංකව සිටින අවස්‌ථාවක ඔබේ මුහුණ අසලින් මැස්‌සෙක්‌ කීප වාරයක්‌ එහාට මෙහාට පියැඹුවොත් ඔබේ මනසේ නිස්‌කලංක බවට කුමක්‌ සිදුවේද? මෙම අත්දැකීම ඔබ කොතෙකුත් අත්විඳින්නට ඇත. මෙපමණක්‌ නොව කණ අසලින් මදුරුවෙක්‌ පියාඹන විට දැනෙන ශබ්දය ද එසේම ය. මදුරුවා දෂ්ට කරනවාට වඩා එම මදුරු ශබ්දය මිනිසුන්ගේ සිත ඇවිස්‌සීමට සමත් ය.

"එයා ගේ හොස්‌ස ළගින් මැස්‌සෙක්‌ යන්න බෑ" යනාදි කියමන් ජන වහරට එක්‌ වී ඇත්තේ එවැනි විටක ඇතිවන මානසික ස්‌වභාවය නිසාම ය.

මෙවැනි ප්‍රවේශයකින් මෙම ලිපිය ඇරඹුවේ කුමක්‌ පිළිබඳ කථා කිරීමට දැයි දැනටමත් ඔබ වටහාගෙන ඇතැයි සිතමි.

තරහා යාම, කේන්ති යාම (Anger) යන මානසික තත්ත්වය වර්තමාන සමාජයේ බොහෝ දෙනෙකුට නිරතුරුව අත්විඳීමට සිදුවී ඇති මානසික තත්ත්වයකි. මෙම ලිපියෙන් කථා කෙරෙන්නේ හදිසියේ ඇතිවන එවැනි තරහයාම හෝ කේන්තියාම පිළිබඳව යි.

මෙම තත්ත්වයට බහුල ලෙසම මානසික අවිවේකි බව නැතහොත් සොනන්සුන් කම හේතුවේ යෑයි සරලව කිව හැක. ඇතැම් පුද්ගලයන්ට මෙම තත්ත්වය එතරම් ගණනක්‌ නැත. ඇතැම් අයට එය ආභරණයකි. "මගේ හැටි එහෙම තමයි" යනුවෙන් පවසන අයුරින් පෙනේ.

ඇතැමුන්ට නම් කේන්ති යාම වදයකි. කේනිති යන අයට වඩා වැඩියෙන් පීඩා විඳින්නේ ඔවුන් සමග ජීවත්වන, රැකියාව කරන අයයි. ඉතා සුළු කේන්ති යාමක්‌ නිසා ඇතිවන හානිය සුළු පටු නොවිය හැක. එය භෞතික දේපල හානියක්‌ මෙන්ම ජීවිත හානිද විය හැක. ඇතැම් විට අභෞතික නැතහොත් ජීවිත කාලයක්‌ නොහොඳ නෝක්‌කාඩු වීමක්‌ද විය හැක.

මෙවැනි තරහා යාම් හෝ කේන්තියාම් පාලනය කරගත හැකි අතර, අවශ්‍ය වන්නේ එම තත්ත්වයට තමාට වදයක්‌ වීමත් කේන්තියාම හෝ තරහායාම නිසා සිදුවන දුර්විපාක පිළිබඳ අවබෝධයත්, මෙයින් මිඳීමට දැඩි උවමනාවක්‌ පමණි.

මීළඟට කේන්තියාමට හෝ තරහායාමට බලපාන සාමාන්‍ය හේතු සහ අවස්‌ථා කීපයක්‌ පිළිබඳ අවධානය යොමු කරමු.


තමා කැමති දෙයක්‌ නොලැබීම

කුඩා දරුවන්ගේ පටන් වැඩිහිටි අය දක්‌වා සැවොම ආදරය සැලකිලි ලැබීමට ඉතා කැමැත්තෝ වෙති. එම ආදර සැලකිලි නොලැබෙන විට සිත තුළ නොසන්සුන් කම, අනුන් නොරුස්‌නා බව උපදී. මෙවිට සුළු දෙයින් පවා තරහා යාම සිදුවේ. බෞතික වශයෙන් ද තමා ප්‍රිය කරන භාණ්‌ඩ අවශ්‍යතා නොලැබෙන විට කරන ලද රැකියාවට, සේවයට කලට වේලාවට වැටුප් නොලැබෙන විට තරහයාම සිදුවේ.


තමා කියන දෙය අන් අය ගණන් නොගැනීම

කුඩා දරුවන්ගේ පටන් වැඩිහිටි අය දක්‌වා සැවොම තමා පිළිබඳ අවධානය යොමු කරනවාට, තමාට ඇහුම්කන් දෙනවාට, තමා අන් අය විසින් ගණන් ගන්නවාට කැමතිය. එසේ ම අන් අය තමා පිළිබඳ නොසලකා හරින විට තමාට ඇහුම්කන් නොදෙන විට එහි ප්‍රතිඵලයක්‌ ලෙස නොරිස්‌සුම් කම්, කේන්තියාම සිදුවන බව කොතෙකුත් ඔබට අත්දැකීම් ඇතිවාට සැක නැත.


තමා අවට තිබෙන අපිලිවෙල

තමා ජීවත්වන නිවස, රැකියා ස්‌ථානය ඉතා පිරිසිදුව පිළිවෙළට තිබෙන විට එහි ගත කරන තමාගේ සිතටද ඉමහත් සැහැල්ලුවක්‌ දැනේ. නමුත් එවැනි ස්‌ථාන ඉතා අපිළිවෙලට අපිරිසිදුව තිබෙන විට බොහෝ දෙනෙකුගේ සිතටද දැනෙන්නේ අපහසුවකි. නිරතුරුව ම එවැනි අපිළිවෙළ සහිත ස්‌ථානවල ගත කිරීමට සිදුවන විට එහි ප්‍රතිඵලයක්‌ ලෙස ද ඉක්‌මනින් තරහයාම ඇතිවීමේ හැකියාවක්‌ පවතී.


තමාට ඉහළින් සිටින අයගෙන් එල්ලවන බලපෑම්

නිවසක සිටින දරුවන් වෙත දෙමාපියන්ගෙන් එල්ලවන බලපෑම්, නියෝග, අණ කිරීම්, දඩුවම් නිසා දරුවන්ගේ සිත් තුළ තරහ වර්ධනය වේ. භාර්යාවන්ට ඇතැම් සැමියන්ගෙන් එල්ලවන තර්ජන පීඩා කිරීම් නිසා භාර්යාවන්ගේ සිත් තුළ තරහ වර්ධනය වේ. එසේම ඇතැම් සැර පරුෂ භාර්යාවන්ගෙන් සැමියන්ට එල්ලවන බලපෑම් නිසා සැමියන් තුළ තරහ වර්ධනය වේ. පාසල් වල ළමයින් වෙත ඇතැම් ගුරුවරුන්ගෙන් එල්ලවන බලපෑම් නිසාද ළමයින් තුළ තරහ වර්ධනය වේ. පසු කලකදී ළමයින් චණ්‌ඩ වීමට මෙම තත්ත්වය හේතුවක්‌ වන අවස්‌ථා ඇත. රැකියා ස්‌ථානවල සිටින ප්‍රධානින් ගෙන් පහල සේවකයන්ට හට එල්ලවන බලපෑම් නිසා මෙසේ එම පහල සේවකයන් තුළද තරහ වර්ධනය වේ.


කලට වේලාවට අවශ්‍යතා ඉටු නොවීම

තමා බලාපොරොත්තු වන වේලාවට, බලාපොරොත්තු වන ආකාරයට තම අවශ්‍යතාවයන් ඉටු නොවීමද කෙනෙකු නොසන්සුන් වීමට තරහ ඇති වීමට හේතුවකි. බසයක්‌, දුම්රියක්‌ එනතුරු බොහෝ ප්‍රමාද වීම, කාර්යාලයකට ගොස්‌ යම් කාර්යයන් ඉටු කර ගැනීමට පැය ගණන්, දින ගණන්, මාස ගණන් රස්‌තියාදු වීමට සිදුවීම යනාදිය ද මීට උදාහරණ කීපයකි.



ඩි. ටි. කරුණාතිලක
(මනෝ චිකිත්සක)
(M.I.P.C)

සීතාවක රාජසිංහ රජු අගමෙහෙසියට හැදු "ටජ්මහල"

සීතාවක රාජසිංහ රජු අගමෙහෙසියට හැදු "ටජ්මහල"




මල්වතී බිසවට හැදු බව කියන දෙවොල

පීතෘ ඝාතක රජවරුන් දෙදෙනෙකු ගැන ලංකා ඉතිහාසයේ සඳහන් වෙයි. සීගිරි කාශ්‍යප හා සීතාවක රාජසිංහ යනු ඔවූහුය. කොතරම් දරුණු කුරිරු වුවන් වුවද මේ දෙදෙනාම දැඩි සංවේදී සිතැත්තෝය. කාශ්‍යප රජු ඉදිකළ සීගිරිය කොතරම් සොඳුරු මනරම් ස්ථානයක් දැයි එය නැරඹූවෝ දනිති. එහෙත් සීතාවක රාජසිංහයන් එවැන්නක් ඉදිකළ බවක් ප‍්‍රචලිත නොවූවද ඔහුද සිය ප‍්‍රියම්බිකාව වෙනුවෙන් දෙවොලක් ඉදිකර පත්තිනි දේවියට කැප කර ඇත්තේය. එය ෂාජහන් රජු විසින් මුම්ටාස් මහල් නම් සිය ප‍්‍රියම්බිකාවගේ අකල් වියෝව දරාගත නොහී ඇය වෙනුවෙන් ටජ්මහල ඉදිකළා වැනිය.
සීතාවක රාජසිංහයන් විසින් සිය අගමෙහෙසිය වූ මල්වතී බිසව වෙනුවෙන් ඉදිකරනලද දෙවොල ටජ්මහල හා සසඳන කළ මහා නිර්මාණයක් නොවුනද අරමුණු විෂයෙහි ලංකාවේ මේ දෙකම එක හා සමානය. ගැටලූව වන්නේ සීතාවක රාජසිංහයන් එබඳු නිර්මාණයක් කළ බව බොහෝ දෙනා නොදන්නා රහසක් ලෙසින් පැවතීමයි. එක් අතකින් සිය ප‍්‍රතිවාදීන් පමණක් නොව තමන්ගේ අදහස් අනුමත නොකළ එවකට සිටි භික්ෂූන් තොග ගණනේ විවිධ මාර්ග ඔස්සේ මරා දැමූ මේ නරපතියා එබන්දක් කර ඇතැයි යන්නද පුදුම සහගතය.

ජන ශ‍්‍රැතියට අනුව සීතාවක රාජසිංහ රජු මල්වතී නම් රූමත් යෞවනීය දකින්නේ අහඹුවෙනි. මල්වතී යනු එවකට සිටි සුප‍්‍රසිද්ධ නැකැත්කරුවකු වූ දොඩම්පෙ ගණිතයාගේ දියණියයි. ඔවුන්ගේ වාසභූමිය වූයේ රුවන්වැල්ලට නොදුරු ගෝනගල ගම්මානයයි. මේ ගම පිහිටා ඇත්තේ එවකට පහතරට රාජධානියේ සිට උඩරට රාජධානිය දක්වා දිවෙන මහා මාර්ගය අසලය. සීතාවක රාජසිංහ රජුගේ පෙතංගොඩ උයන පිහිටියේද මේ ගමන් මාර්ගය අසලමය. සීතාවක අමිතිරිගල ගෝනගල හක්මත්ත පෙතංගොඩ මත්තමගොඩ අම්පෙ අරන්දර වැනි ගම් ඔස්සේ උඩරට ගමන් මාර්ගය තිබූ බැව් පැවසේ.
සීතාවක රාජසිංහ රජු වරක් පෙතංගොඩ පිහිටි සිය රාජකීය උයනට ගොස් ආපසු එමින් සිටියදී දියනාමින් සිටි රූබර යෞවනියක ගෝනගල ග‍්‍රාමයේදී දුටුවේය. දුටු මතින්ම ඇය කෙරෙහි ලොබබැඳි රජු එවේලේම ඇයව සිය රජවාසලට කැඳවාගෙන අග බිසෝ තනතුරෙහි තබා ගත්තේය. මේ කාලය වන විට රජුගේ වයස අවුරුදු හැටද ඉක්මවා තිබූ බවද කියවෙයි.

මේ කියන මල්වතිය එවකට අටලොස් වියැති යෞවනියකි. ඇයගේ පියා වූයේ රජවාසල පවා ප‍්‍රසිද්ධියට පත්ව සිටි දොඩම්පේ ගණිතයාය. මල්වතිය විවාහ කරගැනීමේ අපේක්‍ෂාවෙන් ඇය හා පේ‍්‍රමයෙන් බැඳී සිටියේ රාජසූරිය නම් කුමරෙකි. ඥාතීත්වයෙන් ඔහු රාජසිංහ රජුගේ මුණුබුරෙකි. ඒනිසා මල්වතිය රජවාසලට රුගෙන යාම නැතිනම් පැහැරගෙන යාම හේතුවෙන් දොඩම්පේ ගණිතයාත් රාජසූරිය කුමාරයාත් රජු කෙරෙහි දැඩිලෙස වෛර බැන්දෝය.

රාජසිංහ රජු මල්වතිය අඟ බිසෝ තනතුරෙහි තබා ඇය කෙරෙහි බලවත් පේ‍්‍රමයෙන් යුතුව කල් ගෙවීය. එහෙත් ඉතා කෙටිකලකින්ම අනපේක්ෂිතව අවාසනාවන්ත ලෙසින් මල්වතිය රෝගාතුර වූවාය. කොතෙක් වෙද හෙදකම් කළද ඇයගේ රෝගය සුවකර ගන්නට නොහැකි විය. නොබෝ කලකින් ඕ පරලෝක ප‍්‍රාප්ත වූවාය. ඇයගේ මරණය ඉවසා දරාගත නොහී රාජසිංහ රජු දැඩිසේ කම්පාවට පත් වූවේය. ඇය පිළිබඳව සෙනෙහස මතකය රජුගෙන් කිසිදා ගිලිහී නොගියේ සංවේගය සමනය කරනුවස් ඇය සිහිපත් කරනුවස් ඇය වෙනුවෙන් දෙවොලක් ඉදිකර එය පත්තිනි දේවිය වෙනුවෙන් කැප කළේය. ඒ දෙවොල වන්නේ සීතාවක රාජධානියට නුදුරින් පිහිටි මැදගොඩ දෙවොලයි.

කිස්තු වර්ෂ 1592දී පමණ ඉදිකර ඇතැයි සලකන මැදගොඩ දේවාලයට අවිස්සාවේල්ල සිට තල්දුව බැස අමිතිරිගල මාර්ගයේ ගොස් පල්ලේකණුගල මාර්ගයේ කිලෝමීරයක දුරක් ඇත්තේය.

ඉහතින් සඳහන් කළ ජනශ‍්‍රැතිය තහවුරු කෙරෙන තොරතුරු රිසිමන් අමරසිංහ නම් මහාචාර්යවරයා විසින් රචිත ඓතිහාසික සීතාවක ග‍්‍රන්ථයේද සඳහන්ය. මේ සම්බන්ධ වැඩිමනක් තොරතුරු ඇතුළත් පුස්කොළ පොත් මානියම්ගම රජමහ විහාර පොත්ගුලෙහි ඇති බවද එම ග‍්‍රන්ථයේම සඳහන්ය.
මැදගොඩ දේවාලය ඉදිකිරීම සම්බන්ධව තවත් ජනප‍්‍රවාදයක්ද තිබේ. එයට අනුව කැලණි ගඟ ඔස්සේ පෙතන්ගොඩ උයනට අගුලකින් රාජසිංහ රජු ගමන් කළ අවස්ථාවක දේවාලයට නුුදුරේදී අගුල ගඟ මැද නැවැතුණී. අගුල පැදවූ මාල මීගොල්ල නැමැත්තා අගුලෙන් බැස දිය යට කිමිදී අගුල නතරවීමට හේතුව සෙවීය. එහෙත් අගුල නතරවීමට කිසිදු හේතුවක් ඔහුට සොයාගත නොහැකි වූ තැන රජු උපදෙස් දී ඇත්තේ වට පිටාව පරීක්‍ෂා කරන ලෙසටය. ඒ අනුව මාල මීගොල්ල අවට සෝදිසි කරත්්දී ගඟ අසබඩ උස් බිමක පහන් දල්වා තිබෙනු දිටීය. වහා ඔහු මේ බව රජුට දැනුම් දුන් විට රාජසිංහ අ`ගුලෙන් බැසවුත් එම ස්ථානයට පැමිණ පහන්දල්වා කරදර බාධාවකින් තොරව තමන්ට අ`ගුල ගෙනයාමට ඉඩ දෙන්නේ නම් මෙම ස්ථානයේ පත්තිනි දේවිය උදෙසා දෙවොලක් තනා දෙන බවට භාරයක් වී අ`ගුලට ගොඩ විය.

එවර අ`ගුල කිසිවකුගේ මෙහෙයවීමෙන් තොරව උඩුගං බලා ඉබේම පැදවුණු බවත් කියති. ඉන් පසු රජු මෙහි දෙවොලක් තනා දෙවොලේ පැවැත්ම උදෙසා ගම්වරද දී ඇත.


කැටයම් වලින් යුත් ගල් කණු

මල්වතිය පැහැරගෙන යාම නිසා වෛර බැඳගත් රාජසූරිය කුමරු හා දොඩම්පේ ගණිතයා රාජසිංහ රජුගෙන් පලිගත් බවද ඓතිහාසික සීතාවක ග‍්‍රන්ථයේ සඳහන් වෙයි. එයට අනුව උඩරට රාජ්‍ය අල්ලා ගැනීමට ගොස් පහරදී තම සේනාවද විනාශ කරගත් රාජසිංහ රජු පෙරලා සීතාවකට එන ගමනේදී හත්මත්ත නම් ග‍්‍රාමයේදී රාජසිංහ රජුගේ පාදයකට රාජසූරිය කුමාරයා මුගුරකින් පහර දුන්නේය.

දොඩම්පේ ගණිතයා විසින් පහරදිම නිසා ඇති වූ තුවාලයේ විෂ බැන්ද බවද පැවසේ. එසේ කීමෙන් අනතුරුව දොඩම්පේ ගණිතයා පැනගොස් වත්මන් යටියන්තොට ට නුදුරු කන්දක තිබූ දැවැන්ත කොස් ගසක තිබූ විශාල බෙනයක සැඟවී සිටි බවත් රජුගේ මරණයෙන් පසුව ඔහු නැවත සිය ගම් ප‍්‍රදේශයට පැමිණි බවත් තවත් ජනප‍්‍රවාදයකින් කියැවෙයි. කෙසේ වුවද අදටත් යටියන්තොට නගරයට නුදුරින් ගණිතකන්ද නමින් ගමක් ඇත්තේය.